Posts tagged: ide

Web Matrix – පුංචි වුණාට අළුත් වැඩකාරයෙක්


මොකද්ද මේ ?

මෙන්න අළුත්ම වැඩ කාරයා. වෙබ් සයිට් එකක් හදන්න අවශ්‍ය හැම දේම මෙතන තියෙනවා.  පුංචියි, සරළයි. වින්ඩෝස් ඇතුලේ ඉඳන වෙබ් සයිට් එක්ක හදන්න හැමදේම එක්ක එන්නේ. වෙබ් සර්වෙර් එකක් (IIS Express), ඩේටා බේස් එකක් (SQL Server Compact) සහා ASP.net. ඕනනම මුල ඉඳන්ම වෙබ් සයිට් එකක් ලියන්න පුළුවන් නැත්නම්, Pre-Built (Opensoruce) එකකින් පටන් ගන්න පුළුවන්.

ඇයි මොකටද?

production server එකේ දැනටමත් පාවිච්චි කරන web framework එක database engine එක කිසිම අවුලක් නැතුව ඒ හා සමානව පාවිචිචි කිරීමෙ හැකියාව. development එකේ ඉඳන් production එකට බටන් දෙක තුනක click එකෙන් මාරු වීමේ හැකියාව නිසා.

කාටද මේ ?

දැනටමත් ඩිවලොප් කරන අයට, ඉගෙන ගන්න අයට. කොටින්ම කියනවා නම් වෙබ් ස්වර් එක , ඩේටාබේස් ස්වර් එක configure කරන්න මහන්සි වෙන්න ඕනෙ නැති අයට. මුල ඉඳන්ම හොස්ට් එකට ඩිප්ලොයි කරනකම් කිසිම අවුලක් නැතිව වැඩ කරගන්න ඕන කට්ටියට.

බල බල ඉන්න එපා දැන්ම ට්‍රයි එකක් දෙන්න. හා අමතක වුණා කියන්න, Classic ASP තාම පාවිච්චි කරන අයට නියමයි. මෙන්න ලින්ක් එක http://www.microsoft.com/web/webmatrix/

දැනට නවතින්නම්, මම මේ ගැන සම්පූර්ණ හැඳින්වීමක් ලබන සතියේ විතර දාන්නම් !!!

මේ පෝස්ට් එකට කැමති නම අනෙක් අයටත් කියන්න:

චූටි බබාලට BASIC

අද මම කියන්න යන්නේ ගෙවල් වල ප්‍රෝග්‍රෑමිං ඉගෙන ගන්න, ඉගෙන ගන්න ආස පොඩි එවුන් ඉන්නවා නම මෙන්න නියම භාණ්ඩේ. හැබයි මේක අළුතින් ප්‍රෝග්‍රෑමිං ඉගෙන ගන්න ලොකු බබාලටත් හොඳයි. හරි ආස හිතන interface එකක් තියෙන්නේ. ඊටම අවේනික වු (ඒ වගේම ආස හිතෙන) intellisense (ඒ කිව්වේ අර ඩොට් එක තිබ්බ ගමන් එන drop down එක ගැන). පුදුම හිතන වැඩේ කියන්නෙ Microsoft එකේ බුවාල මේක දෙන්නෙ නිකන්. මෙන්න බාගන්නවානම් ලින්ක් එක

http://msdn.microsoft.com/en-us/beginner/ff384126.aspx

මෙන්න පොඩි screen shot එකක්

චූටි බබාලට BASIC

ජයවේවා !!!

මේ පෝස්ට් එකට කැමති නම අනෙක් අයටත් කියන්න:

අනේ මටත් ලස්සන Visual Studio එකක් තිබ්බනං

හරි අද මම කියන්න යන්නෙ, කොහමද අපි Visual Studio 2008 වල theme එකක් වෙනස් කරන්නෙ කියලා.

මගේ theme එක

ක්‍රම දෙකක් තියෙනවා.

  1. අපි එකක් settings වෙනස් කර්ලා ඕන theme එකක් හදා ගන්න එක.

2. කවුරු හරි හදපු theme එකක් බාගෙන install කරන එක.

මම කියන්න යන්නෙ දෙවන ක්‍රමය ගැන. පහළ link එකෙන් මම පාවිච්චි කරන theme එක බාගන්න පුළුවන්. (තව themes ඕන තරම් online තියෙනවා, google එකෙ “visual studio themes” කියලා search එකක් දාලා බලන්න.

හරි බාගත්‍තට පස්සෙ install කරන්නෙ මෙහෙමයි, Main Menu එකෙ Tools > Import and Export Settings (ඊට පස්සෙ එන dialog box එකෙ එන instruction විදිහට කරගෙන ගියාම හරි.)

Tools

මෙන්න link එක

ටටා!!!

මේ පෝස්ට් එකට කැමති නම අනෙක් අයටත් කියන්න:

WordPress Themes