වෙබ් තලයේ සිංහලෙන් සුපිපෙන Orchard කුසුම නෙලාගන්නට අවසර
මොකද්ද මේ Orchard කියන්නෙ ?
නොමිලේම ලබාගන්න පුළුවන් අන්තර්ගත පාලකයක්,
සිංහලෙන් කියනවා නම CMS එකක්. මෙතෙක් කල් හොය හොය හිටියනම්, අනේ අපිට ASP.net (MVC Framework) වලට නොමිලේම ලබාගන්න පුළුවන් CMS එකක් තිබ්බානම කියලා… ඔන්න දැන් බඩු තියෙනවා. වැඩේ කියන්නේ Microsoft ආයතනයේ ඇතුලේ කට්ටියක් තමයි මේක develop කරන්නෙ.. ඉතින් දැනට තියන version එක 0.5.
ඉතින් ඕකට ඔච්චර උඩපනින්නේ ඇයි ?
මේකයි හේතුව, ගේමක් නැතුව Web Platform Installer එකෙන් Install කරගන්න පුළුවන්, ඊට වැඩිය මම ඒ අය එක්ක සෙට් වෙලා පොඩි වැඩක් කලා. මොකක් කියලද හිතන්නෙ? Orchard කෙලින්ම සිංහලෙන්ම ලබාගන්න පුළුවන්. දැනට තියෙන්නෙ French, Chineese සහ English විතරයි. ඉතින් මම හතරවෙනි එක විදිහිට Orchard “Core” එක සිංහලෙට හැරෙව්වා.. කෙලින්ම සිංහලෙන්ම වැඩ කරන්න පුළුවන්.
මෙන්න ලින්ක්ස් ටික බාගන්න ඕන අයට
Main Site : http://www.orchardproject.net/ (මෙතම ෆුල් විස්තරේ තියෙනව කරගන්න ඕන විදිහ, දකුණු පැත්තේ තැඹිලිපාට බොත්තම ඔබන්න)
Sinhala Translations : http://www.orchardproject.net/localize
තව පොඩ්ඩෙන් ඔක්කොම අමතක වෙනවා, මට මේකට දෙන්නෙක්ගෙන සපෝර්ට් එක ලැබුනා (නම් දෙක කිසිම අනුපිළිවලක් නැහැ නොම්බර දැම්මෙ ලේසියට)
- ලාංකිය සිතුවිලි (මගේ සයිට් එකේ තියෙන ලොකු “ල” ට කොටන්න, කෙලින්ම එතන) එකේ බුවා කරලා තියෙන ශබ්දකෝෂය (Dictonary එක මගෙ හිතේ) ලොකු සපෝර්ට් එකක් දුන්නා (http://dictionary.lankeeya.lk/).
- අපේ කාවින්ද කොටුවේ ගෙදරෙගෙ සිංහල ඉංග්‍රීසි වචන තියෙන Excel file එක (මෙන්න මෑන්ස්ගෙ ලින්ක් එක – http://www.kotuwegedara.com/ ).
එහෙනම් කාවහරි අමතක වුණා නම සමාවෙන්න (අනික සමාව ගන්න දෙයකුත් නැහැ උන් දෙන්න විතරයි සපෝර්ට් කලේ
)
අපි බැස්සා .. ටටා !!!



