Posts tagged: ASP.net

UG Meeting – 06-01-2010

මෙදා සැරේ මීටිමට කොටස් දෙකක් තියෙනවා, පහල සම්පූර්ණ විස්තරේ ඇති…

Introducing WCF Duplex Services
Duplex service contract is useful when both client and the server exchanging messages to each other independently. This feature enables pushing of data to Silverlight and other client with minimal delay

Speaker : Dinusha Kumarasiri
Senior Software Engineer in IronOne Technologies

http://dinushaonline.blogspot.com/

Introducing Orchard
Orchard is a free, open source, community-focused project aimed at delivering applications and reusable components on the ASP.NET platform. Orchard will create shared components for building ASP.NET applications and extensions, and specific applications that leverage these components to meet the needs of end-users, designers, developers, and Web professionals. Additionally, we seek to create partnerships with existing application authors to help them achieve their goals.

Speaker: Fiqri Ismail (MVP) (මේ මමනේ)

http://www.fiqri.net

Date: 6th January 2011 (Thursday)
Time: 6.00 PM Onwards
Venue: Training Room (Sithuvili) , 11th, DHPL Building, Colombo 02
Entrance: Free

සියල්ලෝම පැමිනෙත්වා ….

මේ පෝස්ට් එකට කැමති නම අනෙක් අයටත් කියන්න:

දැනගන්න “Razor” ගැන .NET UG එකට එන්න

අළුත්ම අළුත් “View Engine” එකක් දිහා මේ පාර බලමු, ඊලඟ Versions වල ඒ කිව්වේ ASP.net MVC 3.0 එක්ක එන හෝ WEB Matrix ASP.NET Web Pages වලට තියෙන “View Engine” එකක්. තව විස්තර ගොඩක් තියෙනවා බලමු මොනවද කරන්න පුළුවන් කියලා. එන්න පුළුවන් කට්ටිය, එන්න !!! …  වෙලාව තැන ගැන පහළ විස්තරේ තියෙනවා..

දිනය: නොවැම්බර් 4, 2010 (බ්‍රහස්පතින්දා)

වෙලාව: හවස 6.00 සිට
තැන: Auditorium, 3rd Floor, DHPL Building, Colombo 02
ගාන: නිකං, සත පහක් වත් ගන්නේ නැහැ ..

කරන්නෙ කවුද: මේ මමනේ..

එහෙනං ඕං ඈ !!!

මේ පෝස්ට් එකට කැමති නම අනෙක් අයටත් කියන්න:

වෙබ් තලයේ සිංහලෙන් සුපිපෙන Orchard කුසුම නෙලාගන්නට අවසර

මොකද්ද මේ Orchard කියන්නෙ ?

නොමිලේම ලබාගන්න පුළුවන් අන්තර්ගත පාලකයක්, :) සිංහලෙන් කියනවා නම CMS එකක්. මෙතෙක් කල් හොය හොය හිටියනම්, අනේ අපිට ASP.net (MVC Framework) වලට නොමිලේම ලබාගන්න පුළුවන් CMS එකක් තිබ්බානම කියලා… ඔන්න දැන් බඩු තියෙනවා. වැඩේ කියන්නේ Microsoft ආයතනයේ ඇතුලේ කට්ටියක් තමයි මේක develop කරන්නෙ.. ඉතින් දැනට තියන version එක 0.5.

ඉතින් ඕකට ඔච්චර උඩපනින්නේ ඇයි ?

මේකයි හේතුව, ගේමක් නැතුව Web Platform Installer එකෙන් Install කරගන්න පුළුවන්, ඊට වැඩිය මම ඒ අය එක්ක සෙට් වෙලා පොඩි වැඩක් කලා. මොකක් කියලද හිතන්නෙ? Orchard කෙලින්ම සිංහලෙන්ම ලබාගන්න පුළුවන්. දැනට තියෙන්නෙ French, Chineese සහ English විතරයි. ඉතින් මම හතරවෙනි එක විදිහිට Orchard “Core” එක සිංහලෙට හැරෙව්වා.. කෙලින්ම සිංහලෙන්ම වැඩ කරන්න පුළුවන්.

මෙන්න ලින්ක්ස් ටික බාගන්න ඕන අයට

Main Site : http://www.orchardproject.net/ (මෙතම ෆුල් විස්තරේ තියෙනව කරගන්න ඕන විදිහ, දකුණු පැත්තේ තැඹිලිපාට බොත්තම ඔබන්න)
Sinhala Translations : http://www.orchardproject.net/localize

තව පොඩ්ඩෙන් ඔක්කොම අමතක වෙනවා, මට මේකට දෙන්නෙක්ගෙන සපෝර්ට් එක ලැබුනා (නම් දෙක කිසිම අනුපිළිවලක් නැහැ නොම්බර දැම්මෙ ලේසියට)

  1. ලාංකිය සිතුවිලි (මගේ සයිට් එකේ තියෙන ලොකු “ල” ට කොටන්න, කෙලින්ම එතන) එකේ බුවා කරලා තියෙන ශබ්දකෝෂය (Dictonary එක මගෙ හිතේ) ලොකු සපෝර්ට් එකක් දුන්නා (http://dictionary.lankeeya.lk/).
  2. අපේ කාවින්ද කොටුවේ ගෙදරෙගෙ සිංහල ඉංග්‍රීසි වචන තියෙන Excel file එක (මෙන්න මෑන්ස්ගෙ ලින්ක් එක – http://www.kotuwegedara.com/ ).

එහෙනම් කාවහරි අමතක වුණා නම සමාවෙන්න (අනික සමාව ගන්න දෙයකුත් නැහැ උන් දෙන්න විතරයි සපෝර්ට් කලේ :D )

අපි බැස්සා .. ටටා !!!

මේ පෝස්ට් එකට කැමති නම අනෙක් අයටත් කියන්න:

Web Matrix – පුංචි වුණාට අළුත් වැඩකාරයෙක්


මොකද්ද මේ ?

මෙන්න අළුත්ම වැඩ කාරයා. වෙබ් සයිට් එකක් හදන්න අවශ්‍ය හැම දේම මෙතන තියෙනවා.  පුංචියි, සරළයි. වින්ඩෝස් ඇතුලේ ඉඳන වෙබ් සයිට් එක්ක හදන්න හැමදේම එක්ක එන්නේ. වෙබ් සර්වෙර් එකක් (IIS Express), ඩේටා බේස් එකක් (SQL Server Compact) සහා ASP.net. ඕනනම මුල ඉඳන්ම වෙබ් සයිට් එකක් ලියන්න පුළුවන් නැත්නම්, Pre-Built (Opensoruce) එකකින් පටන් ගන්න පුළුවන්.

ඇයි මොකටද?

production server එකේ දැනටමත් පාවිච්චි කරන web framework එක database engine එක කිසිම අවුලක් නැතුව ඒ හා සමානව පාවිචිචි කිරීමෙ හැකියාව. development එකේ ඉඳන් production එකට බටන් දෙක තුනක click එකෙන් මාරු වීමේ හැකියාව නිසා.

කාටද මේ ?

දැනටමත් ඩිවලොප් කරන අයට, ඉගෙන ගන්න අයට. කොටින්ම කියනවා නම් වෙබ් ස්වර් එක , ඩේටාබේස් ස්වර් එක configure කරන්න මහන්සි වෙන්න ඕනෙ නැති අයට. මුල ඉඳන්ම හොස්ට් එකට ඩිප්ලොයි කරනකම් කිසිම අවුලක් නැතිව වැඩ කරගන්න ඕන කට්ටියට.

බල බල ඉන්න එපා දැන්ම ට්‍රයි එකක් දෙන්න. හා අමතක වුණා කියන්න, Classic ASP තාම පාවිච්චි කරන අයට නියමයි. මෙන්න ලින්ක් එක http://www.microsoft.com/web/webmatrix/

දැනට නවතින්නම්, මම මේ ගැන සම්පූර්ණ හැඳින්වීමක් ලබන සතියේ විතර දාන්නම් !!!

මේ පෝස්ට් එකට කැමති නම අනෙක් අයටත් කියන්න:

හරි මාතෘකාවක් ලැබුණා :)

Telerik Native UI Extensions for ASP.NET MVC

ASP.NET MVC වලින් වැඩකරන කොට එන ප්‍රධානම බාධකය තමයි, WEB Forms වගේ (කම්මැලි කමට ඇස්දක වහලා ඇදලා අතහැරිය) කොම්පෝනන්ට්ස් නැති කම. Database එකකින් විස්තර ටිකක් අරගෙන Table එකක පෙන්නන්න ගියාම තමයි එපා වෙන්නේ. ඒකට නියම tools සෙට් එකක් හම්බවුණා බලමු කොහොමද ඒවත් එක්ක වැඩ කරන්නෙ කියලා. වැඩේ කියන්නෙ නොමිලේම බාගන්න පුළුවන්නේ…

ලින්ක් : http://www.telerik.com/products/aspnet-mvc.aspx

Telerik Extensions for ASP.NET MVC extend the ASP.NET MVC platform by delivering reusable UI controls built specifically for MVC. A server-based framework integrates with client-side modules built on the popular JavaScript library, jQuery, to deliver productivity enhancing controls for MVC that do not violate the patterns, practices, and guidance of the platform. The Telerik Extensions restore developer productivity to ASP.NET MVC and make it possible to build clean rendering web applications without writing all code by hand.

තැන : Micrososft Sri Lanka, DHCPL Building 11 මහල, නවම් මාවත, කොළඹ 2
වෙලාව: සවස 6:00 සිට 8:00 දක්වා
දිනය: 2010-07-10 (බ්‍රහස්පතින්දා)

එහෙනම කට්ටිය මීටින් එකේදි සෙට් වෙමු.

මේ පෝස්ට් එකට කැමති නම අනෙක් අයටත් කියන්න:

බ්‍රහස්පතින්දා User Group මීටින් එකට මාතෘකාවක්

මේපාර මට මීටින් එක මට සෙට් වෙලා තියෙන්න.. ASP.net MVC වලට අදාල මාතෘකාවක හොය හොය ඉන්නෙ.. මීටින් එකට සහාභාගි වෙන්න කැමති අය ඉන්නව නම පොඩි අයිඩියා එකක් දෙන්න.. එතකොට මට ඒ ගැන හොයලා බලලා වැඩි දෙනා කැමති මාතෘකාවක් කරන්න පුළුවන්..

තැන : Micrososft Sri Lanka, DHCPL Building 11 මහල, නවම් මාවත, කොළඹ 2
වෙලාව: සවස 6:00 සිට 8:00 දක්වා
දිනය: 2010-07-10 (බ්‍රහස්පතින්දා)

ටටා!!!

මේ පෝස්ට් එකට කැමති නම අනෙක් අයටත් කියන්න:

මොඩල් එකක් හදමු.

ගිය සතියේ පොඩි වෙලාවක් සෙට් උනා ඉතින් හිතුනා ASP.net MVC මොඩල් එකක් (view, controller අපි කලින් ඉගෙන ගත්ත නිසා) හදාගෙන වැඩකරන්නෙ කොහොමද කියලා video එකක් හැදුවානං කියළා. පොඩි ඩෙමෝ එකක් , class එකක් හදාගෙන එක මොඩල් එකක් විදිහට පාවිච්චි කරන්නෙ කොහොමද කියලා තමයි video එකේ තියෙන්නේ.

මේක බලන්න කලින් වැඩිය හොඳයි (කලින් බලපු නැති කට්ටිය සහා අයෙත් මතක් කරගන්න ඕන කට්ටිය) මෙන්න මේ videos දෙකත් බලලා හිටියා නම්.

අපි controller එකක් හදමු
අපි view එකක් හදමු

මෙන්න මොඩල් එකෙ video එක

අපි ගියෝ !!!

මේ පෝස්ට් එකට කැමති නම අනෙක් අයටත් කියන්න:

මේපාර .NET User Group metting එක මගෙන්

මේ සතියෙ බ්‍රහස්පතින්දා ඒ කියන්නේ හතර වෙනිදා .NET User Group metting එකේ session එක කරන්නේ මම .. හිතුව පොඩි routing පාරක් දාන්න ;)

මෙන්න ඒකේ පොඩි සාරාංශයක්,

හරි, අපි ASP.net MVC 1.0 වල පාඩම් කීපයක් ඉගෙන ගත්‍තා (හරි හරි මම දන්නවා ASP.net MVC 2.0 ඇවිල්ලා කියලා, ඒ වුණාට හරි වටින පොඩි පොඩි දේවල් තියෙනවා ඊට ඉස්සෙල්ලා). අපි Controllers, Models සහා Views ආදි වශයෙන් දැනගත්තා. අද මම කරන්න යන්නේ හරි වැදගත් කොටසක් වන ASP.net MVC 1.0 Routing. බලමු කොහමද ASP.net MVC 1.0 Routing වැඩකරන්නේ, එල URL එකක්, නිකං Search Engines වලින් ටකස් ගාල පික් කරන URL එකක් හදන්නේ කියලා.

හැබයි එන්න කලින් මෙතන තියෙන (http://www.fiqri.net/index.php/category/asp-net-mvc/) videos ටික බලලා එන්න පුළුවන්නම් වැඩේ ලේසි වෙයි.

ආ තැනයි වෙලාවයි කිව්වේ නැහැනේ,

තැන : Micrososft Sri Lanka, DHCPL Building 11 මහල, නවම් මාවත, කොළඹ 2
වෙලාව: සවස 6:00 සිට 8:00 දක්වා
දිනය: 2010-03-04 (බ්‍රහස්පතින්දා)

එහෙනම් පුළුවන් කට්ටිය සෙට් වෙමු, ටටා

මේ පෝස්ට් එකට කැමති නම අනෙක් අයටත් කියන්න:

අපිත් දැං UStream එකෙ විකාශය කරනවා.

ඔක්කොමටම කලින් කියන්න ඕනේ සුබ අළුත් අවුරුද්දක් වේවා කියලා. අම්බානක වැඩ රාජකාරි තිබ්බා, කිසිම update එකක් video එකක් දාගන්න බැරි වුණා.

ඒ වුණාට අද කියන්න යන්නෙ අපේ හැම මාසෙම තියෙන Colombo .NET User Group Meeting එක යන අතරෙ එන්න බැරි වෙන කට්ටියට online බලන්න පුළුවන් කියන්න. එළ කිරි නේද වැඩේ. අද ඒ කියන්නෙ 2010-01-07, යන UG Meeting එක සජීවීව බලාගන්න පුළුවන් මෙන්න මෙතනට කොටලා,

ආ වෙලාව කිව්වේ නැහැනෙ (මට තාම වෙරිද කොහෙද).. හවස 6:00 ට හොඳේ

ජයවේවා!!!

මේ පෝස්ට් එකට කැමති නම අනෙක් අයටත් කියන්න:

Controller එකක් හදමු…

දැන් අපි තුන්වෙනි පාඩමටත් ආවා. අද පාඩමෙන් කෙරෙන්නෙ අළුතින් controller එකක් හදන්නෙ කොහොමද එකෙන් view එකක් හදන්නෙ කියලා. මේ video එකෙන් කලින් පාඩම් දෙකෙන් කිව්ව action, view ඒවත් ආපහු විස්තර කරලා තියෙනවා.

මෙතනින් මේ video එක බාගන්න පුළුවන්.

(YouTube එකට දැම්මෙ නැත්තෙ, බුවාලා විනාඩි 10කට වඩා වැඩි videos දාන්න දෙන්නෙ නැහැ. :( )

එහෙනම් මම ගියා… ටටා!!!

මේ පෝස්ට් එකට කැමති නම අනෙක් අයටත් කියන්න:

WordPress Themes