මේ සතියෙ බ්‍රහස්පතින්දා ඒ කියන්නේ හතර වෙනිදා .NET User Group metting එකේ session එක කරන්නේ මම .. හිතුව පොඩි routing පාරක් දාන්න
මෙන්න ඒකේ පොඩි සාරාංශයක්,
හරි, අපි ASP.net MVC 1.0 වල පාඩම් කීපයක් ඉගෙන ගත්‍තා (හරි හරි මම දන්නවා ASP.net MVC 2.0 ඇවිල්ලා කියලා, ඒ වුණාට හරි වටින පොඩි පොඩි දේවල් තියෙනවා ඊට ඉස්සෙල්ලා). අපි Controllers, Models සහා Views ආදි වශයෙන් දැනගත්තා. අද මම කරන්න යන්නේ හරි වැදගත් කොටසක් වන ASP.net MVC 1.0 Routing. බලමු කොහමද ASP.net MVC 1.0 Routing වැඩකරන්නේ, එල URL එකක්, නිකං Search Engines වලින් ටකස් ගාල පික් කරන URL එකක් හදන්නේ කියලා.
හැබයි එන්න කලින් මෙතන තියෙන (http://www.fiqri.net/index.php/category/asp-net-mvc/) videos ටික බලලා එන්න පුළුවන්නම් වැඩේ ලේසි වෙයි.
ආ තැනයි වෙලාවයි කිව්වේ නැහැනේ,
තැන : Micrososft Sri Lanka, DHCPL Building 11 මහල, නවම් මාවත, කොළඹ 2
වෙලාව: සවස 6:00 සිට 8:00 දක්වා
දිනය: 2010-03-04 (බ්‍රහස්පතින්දා)
එහෙනම් පුළුවන් කට්ටිය සෙට් වෙමු, ටටා





