අද මම කියන්න යන්නෙ මම නිතර පාවිච්චි කරන free tools හතක් ගැන. අනික මේවා size එකෙනුත් අඩුයි , ඉක්මනට load වෙනවා.
මෙන්න අයියලා සෙට් එක.
1. AVG Free Virus Guard එක.
මම මුලින්ම දාන භාණ්ඩයක් තමා AVG Free Virus Guard එක. මෙතනින් බාගන්න පුළුවන් http://free.avg.com/ .

2. TeraCopy
මේකත් සිරා, මේකෙන් වෙන්නෙ windows වල තියෙන default file copy function එක replace කරලා මේකෙන් handle කරන එක. Try කරලා බලන්නම වටිනවා, file copy speed එකත් ගොඩක් හොඳයි. මෙන්න link එක http://www.codesector.com/teracopy.php

3. Foxit PDF Reader
නියම PDF Reader එකක්, size එකෙනුත් දැනට පාවිච්චි කරන Acrobat Reader එකට වැඩිය සෑහෙන්න අඩුයි. ඊටත් වැඩිය speed එකත් හොඳයි. මෙතනින් http://www.foxitsoftware.com/pdf/reader/ බාගන්න පුළුවන්.

4. CDBurnerXP
ගණං වැඩි Nero Burner එකට නියම උත්තරෙ. Size එකෙනුත් Nero Burner එකට වැඩිය සෑහෙන්න අඩුයි. ඊටත් වැඩිය speed එකත් හොඳයි, ඒ වැඩ ටික සේරම කරගන්නත් පුළුවන්. (හැබැයි CD/DVD writer එකක් තියෙන්න ඕනෙ
)

5. 7Zip
මේකත් පොඩි application එකක් වැඩ පොඩි නැති. මෙන්න මේ file formats වලට compress/uncompress කරන්න පුළුවන්.
7z, ZIP, GZIP, BZIP2 and TAR
මෙන්න මේ සෙට් එක uncompress කරන්න පුළුවන්.
ARJ, CAB, CHM, CPIO, DEB, DMG, HFS, ISO, LZH, LZMA, MSI, NSIS, RAR, RPM, UDF, WIM, XAR and Z

ආ!!! අමතක උනා මෙන්න link එක http://www.7-zip.org/
6. CCleaner
පරිඝණකයෙ කුණු සේරම ලේසියෙන්ම අයින් කරන්න පුළුවන්. System Registry, Recycle Bin, Browser Cache, Programme Uninstall මේ සේරම එකම වහලක් යට කරගන්න පුළුවන්. Link එක මෙන්න http://www.ccleaner.com/

7. FileZilla
මෙක සැහැල්ලු FTP Client එකක්. Uploading/Downloading speed එකත් එල. Try එකක් දීලා බලන්න මෙන්න link එක. http://filezilla-project.org/

එහෙනම් මල්ලිලා මම දැනට චුත වෙන්නම්..
ටටා…