Category: වෙනත්

ඇණයක් ගැලෙව්වෙමි

ටික දවසකට කලින් මම IE9 බීටා version එක දාගත්ත… බෙර ගහල තිබ්බ විදිහට එල බාන්ඩයක්.. කර ගන්න පුළුවන් කිව්ව වැඩ ටික නම් අවුලක නැහැ ඒත් … ටිකක් ලොකු ලොකු කේසුත් නැත්තෙම නැහැ.. මම හිතන්නේ full version එක එන කොට අවුලක් නැතිවෙයි… මට අහුවණ ලොකුම කේස් දෙක තමයි

  1. Site එකක් ලෝඩ් වෙනකොට කිසිම progress එකක් නොපෙන්වීම.. ඒ කිව්වේ .. URL එක ටය‍ප් කරලා Enter කලාම.. ඔහේ බලා ගත්තු අත බලාගෙන ඉන්නවා… එක පාරම WEB Page එක පෙන්නනවා.. කිසිම indicate එකක නැහැ.. ලෝඩ් වෙන වගක් පෙන්නන්න..
  2. අනෙක් එක තමයි… Visual Studio වලින් Project එකක් රන් කරන කොට .. පලවෙනි පාර .. time out එකක් දෙනවා .. ඒක හදා ගන්න ආයේ refresh කරන්න ඕන..

ඉතින් මට හිතුන මේක මහ ඇණයක් ඒක නිසා full version එක එනකන් ඉන්නවා… කියලා.. ඇණේ ගලවන හැටි මෙතන තියෙනවා … (මේ Windows 7 වලට හොඳේ…)

  1. Control Panel එකට යන්න
  2. ඊට පස්සේ “Programs” ලින්ක් එකට කොටන්න
  3. “Programs and features” කියන කොටසේ “View installed updates” කියන ලින්ක් එකේ කොටන්න
  4. දැන් “Microsoft Internet Explorer 9″ කියන ලේබල එක ලිස්ට් එකෙන් තෝරන්න
  5. අන්තිමට “Uninstall” කියන ලින්ක් එකට කොටන්න (ලිස්ට් එකේ header එකට ලින්ක් එක එනවා .. අවශ්‍ය update එක තේරුවට පස්සේ)

ජයවේවා … අපි ගියා

මේ පෝස්ට් එකට කැමති නම අනෙක් අයටත් කියන්න:

Windows Live Essentials – අළුත් සෙට් එක

Windows Live Esentialsමයික්‍රොසොෆ්ට් ආයතනය විසින් Windows Live Essentials වලින් එන නොමිලේ ඉදිරිපත් කරන මෙන්න මේ ආයුධ කට්ට්ලය දැනටමත් පාවිචිචි කරන අය ඇති. ආයුධ කට්ටලය කිව්වෙ , මෙන්න මේ සෙට් එක Messenger, Mail, Writer, Photo Gallery, and Movie Maker.

ඉතින් අළුතින්ම තව සෙට් එකක් දීලා තියෙනවා, ඒ ටික තමයි අපි ගන්න පින්තූර, වීඩියෝස් වලට අපි පාවිච්චි කරන Windows Live Photo Gallery සහා Movie Maker එක්ක එන tools ටික. ඉතින් මේ අළුත් ආයුධ ටික පාවිච්චි කරලා, එළට එඩිට් කරගන්න sky drive එකට අප්ලෝඩ් කරන්න , අන්තර්ජාලයේ පෙන්වන්න (කැමති නම්) ලේසියෙන්ම පුළුවන්. සිරාම කෑලි ටික පහත විස්තර කරලා ඇති,

Photo Fuse. – අපි ගන්න පින්තූර වල හොඳම කෑලි ටික එකතු කරල එක එළම කිරි පින්තූරයක් හදාගන්න පුළුවන්.

Retouch. පින්තූරේ හීරිච්ච තැන්, මූන ටිකක් සුදු කරගන්න, කුණු ගැවිච්චා අයිං කරන්න ඔන්න කියාපු බඩුව. ක්ලික්ස් දෙක තුනයි ඕන.

Precision Video and Audio Editing. වීඩියෝ සහ ඕඩියෝ, එඩිට් කරන්න වැඩකාරයෙක් වෙන්න ඕන නැහැ. හරි ලේසියෙන් ඕන තැන හදාගන්න පුළුවන්

High-Definition Formats (720p and 1080p). ගත්ත වීඩියෝ ටික නිකං පොලිෂ් කරලා .. එල බුවෙක් වගේ පබ්ලිෂ් කරන්න පුළුවන්. හයි ඩෙෆිනිෂන් ;) …. කාට කියන්නද මේවා. එළ නේ..

ආහ්.. තව පොඩ්ඩෙන් අමතක වෙනවා, දැන් පුළුවන් Windows Live Sync එකෙන් ලොකල් හාඩ් එකයි අන්තර්ජාලයේ ඇති ලිපි ගොනු ටික සින්ක් කරලා ඔෆ්ලයින් පාවිචිචි කරන්නත්.

ඇය බලං ඉන්නෙ තව විස්තර දැන ගන්න ඕන නම් මෙතනට කොටන්න http://www.windowslivepreview.com

Microsoft just unveiled the new Windows Live Essentials and the role it plays in completing the Windows experience. Essentials is a suite of free software and services which includes Messenger, Mail, Writer, Photo Gallery, and Movie Maker – as well as Sync and Family Safety.

We all take a lot of photos and videos that we love to share. Windows Live Photo Gallery and Movie Maker now comes with intuitive tools for organizing photos and movies, in addition to providing consumers with the tools to polish and then share their content online. Some of my favorites include:

Photo Fuse. Allowing you to take the best parts of similar photos and fuse them together into one “perfect” photo

Retouch. A great new feature which allows you to get rid of blemishes, scratches, bruises and stains on photos in a few clicks

Precision Video and Audio Editing. Make it so simple for you to find the sweet spot for each video or audio clip

High-Definition Formats (720p and 1080p). Now you can make your movies look even more polished and professional

Finally, a new tool introduced in the Windows Live Essentials family, Windows Live Sync. With Sync, you can access your files and folders on the web – even if your PC is offline.

Learn more about the new Windows Live Essentials at http://www.windowslivepreview.com

අපි ගියා ටටා !!!

මේ පෝස්ට් එකට කැමති නම අනෙක් අයටත් කියන්න:

ඩොට් ආයුධ පෙට්ටිය

මොකද්ද මේ කියලා බලනවා ඇති.  මේ කියන්න යන්නේ පොඩි ඉස්කෝලයක් ගැන. Designing සහ Silverlight ඉගෙන ගන්න ආස බුවාල ඉන්නව නම මෙන්න පොට් එක. Microsoft එකෙන් කරන්නේ, පොඩි ඉස්කෝලයක් වගෙ. How to videos, tutorials ගොඩක් තියෙනවා. Designing ගැන තියරි මුල ඉඳන් තියෙන්නෙ.. සත පහක් වක් (ඔගෝල්ලො ගෙවන ඉන්ටනෙට් බිල නොසලකා හැර) ගෙවන්න ඕන නැහැ. අවශ්‍ය වෙන්නේ Window Live Account එකක් විතරයි.

ආ… බය‍ලා ගගා හිටියට ලින්ක් එක දුන්නේ නැහැනේ.. මෙන්න ලින්ක් එක

http://www.microsoft.com/design/toolbox/default.aspx

ඕං අපි කැපුනා.. :)

මේ පෝස්ට් එකට කැමති නම අනෙක් අයටත් කියන්න:

චූටි බබාලට BASIC

අද මම කියන්න යන්නේ ගෙවල් වල ප්‍රෝග්‍රෑමිං ඉගෙන ගන්න, ඉගෙන ගන්න ආස පොඩි එවුන් ඉන්නවා නම මෙන්න නියම භාණ්ඩේ. හැබයි මේක අළුතින් ප්‍රෝග්‍රෑමිං ඉගෙන ගන්න ලොකු බබාලටත් හොඳයි. හරි ආස හිතන interface එකක් තියෙන්නේ. ඊටම අවේනික වු (ඒ වගේම ආස හිතෙන) intellisense (ඒ කිව්වේ අර ඩොට් එක තිබ්බ ගමන් එන drop down එක ගැන). පුදුම හිතන වැඩේ කියන්නෙ Microsoft එකේ බුවාල මේක දෙන්නෙ නිකන්. මෙන්න බාගන්නවානම් ලින්ක් එක

http://msdn.microsoft.com/en-us/beginner/ff384126.aspx

මෙන්න පොඩි screen shot එකක්

චූටි බබාලට BASIC

ජයවේවා !!!

මේ පෝස්ට් එකට කැමති නම අනෙක් අයටත් කියන්න:

කෙලවෙච්ච වෙලාවක, ලොග් ෆයිල් එකක ලියමු

හරි.. අද මම පොඩි කෝඩ් එකක් ලියන කොට හිතුනා නරකද හදිස්සියෙ මම ලියපු කෝඩ් එකක අවුලක් එහෙම නැත්නම් error එකක්. නිකින් run time error එකක් වගේ. ඒ අවුලෙ විස්තර ටික ෆයිල් එකක ලිව්වානම් කියලා. දැන් ඕක හැම තැනම කෝල් කරන්නත් එපැයි, ඒක නිසා හිතුන පොඩි class එකක් ලියලා එකේ static method එකකට දාන්න,

මෙන්න class කෝඩ් එක …

public class Utilities
 {
 public static void Log(string msg, LogMessageType type)
 {
 string fileName =  String.Format(HttpContext.Current.Server.MapPath("~") + "/Logs/logfile{0:ddMMyyyy}.txt", DateTime.Now);
 string logEntry = String.Format("{0:dd-MM-yyyy HH:mm}\t{1}\t{2}", DateTime.Now, msg, type);
 if (System.IO.File.Exists(fileName))
 {
 var sw = System.IO.File.AppendText(fileName);
 sw.WriteLine(logEntry);
 sw.Close();
 }
 else
 {
 var sw = System.IO.File.CreateText(fileName);
 sw.WriteLine(logEntry);
 sw.Close();
 }

 }
 }

 public enum LogMessageType
 {
 Error, Warning, Information
 }

මෙන්න call කරන විදිහ

Utilities.Log("Your message goes here", LogMessageType.Error);

ජයවේවා!!!

මේ පෝස්ට් එකට කැමති නම අනෙක් අයටත් කියන්න:

මගේ iPhone එකේ සිංහල unicode එලට වැඩ.

අපේ ඔෆීස් එකේ iPhone Development කරන සමන් මල්ලිට පිං සිද්ධ වෙන්න යංතං මගේ iPhone එකෙන් unicode සිංහල තියෙන sites වලට ගිහිං කියවන්න පුළුවන්. කොහමද install කලේ කියලා නම් අහන්න එපා, mans තමා මට දාල දුන්නේ. අහන කෙනෙක් ඉන්නවනම් මෙතනට කොටලා උගෙන් අහගන්න.

එහෙනම් ඕං ඈ !!! (cheeඅපේ ඔෆීස් එකේ iPhone Development කරන සමන් මල්ලිට පිං සිද්ධ වෙන්න යංතං මගේ iPhone එකෙන් unicode සිංහල තියෙන sites වලට ගිහිං කියවන්න පුළුවන්. කොහමද install කලේ කියලා නම් අහන්න එපා, mans තමා මට දාල දුන්නේ. අහන කෙනෙක් ඉන්නවනම් මෙතනට කොටලා උගෙන් අහගන්න.

(සිංහල unicode font එක හදලා අපිට දැක්වු සහයෝගයට කාලිංගට මගෙ ස්තූතිය, උඹට ජයවේවා !!!)

එහෙනම් ඕං ඈ !!! (cheers)

මේ පෝස්ට් එකට කැමති නම අනෙක් අයටත් කියන්න:

TechEd 2010 පශ්චාත් මරණ පරික්ෂණය

මට මරණ පරික්‍ෂණයක් කිරීමට සිදුවුනේ ඇයි? ඇත්‍තටම TechEd 2010 මරණයට පත්වුන නිසාය. මරණ පරික්‍ෂණයෙන්, මරණයට හේතුව මා හට සොයාගැනීමට හැකි වූ කරුණු කීපයක් පහත ඇත.

මරණයට හේතූව?

  1. ප්‍රධානම හේතූව වුනේ පොඩි එවුන්ට වුනත් තනියම කරගත හැකි, එසේ නැති නම් Microsoft Site එකින් නොමිලේ බාගෙන ඉගෙනගත හැකි කරුණු කාරනා sessions වලට ඇතුළත් වීම සහා අන්තිම චාටර් (මීට වැඩිය වචන මා සතුව ඇත, පොඩි ළමයින් මගේ බ්ලොග් එක බැලිය හැකි නිසා ලියන්න බැරිය) organizing එකක් වීමය.
  2. සමහර presenters ලාට audience එකේ එවුන් අහන ප්‍රශ්ණ තේරෙන්නෙ නැත (එක්කො උත්තර නැත) නැත්තම් audience එකෙ එවුන්ට presenters ලාව තේරෙන්නෙ නැත (ගොඩක් වෙලාවට චීන මිශ්‍ර ඉංග්‍රීසි නිසා වෙන්න ඇති).
  3. වැඩිපුරම ඇසුනු වචනය නම් “office එකෙන් ගෙවපු නිසා හොඳට ගියා, නැත්‍තම් නන්නත්තාරයි!!!”
  4. MS SL Staff එකෙ ගොඩක් අය MVP සෙට් එක කියන්නේ උංගෙ අතපල්ලෙන් වැටිච්ච එවුන් යයි සිතා ක්‍රියා කීරම සහා එක එක වැඩ අණ කිරීම (හොඳ එවුන් නොසිටියා නොවේ)
  5. අපේ Wela මල්ලී හපුතලේ කන්ද නගින ගොනා වගේ තනියම බර ඇදීම සහා අනෙක් එවුන්ගෙන් ඒ අසරණයාට කිසිම support එකක් නැතිවීම.

ඉතින් ටිකක් හරි පණ තිබ්බද?

ඔව් Joy සහා Prasanna ගෙ sessions වලට ගොඩක් හොඳ කිව්වා, මම Prasanna ගෙ එක session එකකට හිටියා, එක කිසි අඩුවක් නැතුව එළට තිබ්බා. (Joy ගෙ එකකටවත් මම හිටියේ නැහැ ඒ ඌ මට සිංහලෙන් බ්ලොග් කරන එකට බැන්න නිසා ;) ). ඒ නිසා උං දෙන්නා දීපු Oxygen (අර හුස්ම ගන්න කොට නහයෙන් ඇතුලට ගන්නේ) වලට ගොඩක් පිං සහා ස්තූතිය.

අවසාන වශයෙන් අපේ MVP set එකට ජයවේවා යයි පතමි (උං ටික නැත්නම මම තාමත් එතන නිදි ඇතිය).

මෙවැනි අකල් මරණයක් ඊළඟ TechEd එකට සිදු නොවේවායි පතමි !!!

මේ පෝස්ට් එකට කැමති නම අනෙක් අයටත් කියන්න:

Windows 7 පාටිය

කාලෙකින් ලියන්න chance එකක් සෙට් උනේ. වැඩ වැඩ වැඩ…

හරි අද කියන්න යන්නෙ official Windows 7 launch party එක ගැන.. ඕන කෙනෙකුට සෙට් වෙන්න පුළුවන් මෙන්න මේ නිල්පාට පින්තූරෙට කොටලා..

මම දැක්කා  mailing list එකක් වෙන දිනයක් සහ official Windows 7 launch එකක් ගැන.. එක බොරුවක් .. නිල්පාට පින්තූරෙට කොටන්න හරි official party එකට සෙට් වෙන්න පුළුවන්, පොඩි පොඩි .. ගිමික්ස් ටිකක් ලෑස්ති කරල ඇති .. එන කට්ටිය මතක ඇතුව ඉල්ල ගන්න (මොනවද දෙන්නෙ කියලා නම් දන්නේ අපේ wela මල්ලි තමයි)

එහෙනම් අපි ගියා!!!!

මේ පෝස්ට් එකට කැමති නම අනෙක් අයටත් කියන්න:

ප්‍රශ්න, ප්‍රශ්න, ප්‍රශ්න… මෙන්න උත්තර

මයික්‍රොසොෆ්ට් සමාගමෙන්, හඳුන්වා දී ඇති මෙම website එක, ඔයගොල්ලන්ට දැනට, ප්‍රධාන වශයෙන් Windows, Windows Live සහා Windows Security Essentials වල ඇති ප්‍රශ්න වලට උත්‍තර සහ පොඩි පොඩි (සමහර විට අලි) කේසස් fix කරගන්නෙ කොහමද කියල තියෙන්වා.

ඉස්සහරට තව තව products එකතු වෙයි. මෙන්න ලින්ක් එක

image.png

එහෙනං මම ඉස්සරහෙන් බහිනවා!!! :)

මේ පෝස්ට් එකට කැමති නම අනෙක් අයටත් කියන්න:

අනේ මටත් ලස්සන Visual Studio එකක් තිබ්බනං

හරි අද මම කියන්න යන්නෙ, කොහමද අපි Visual Studio 2008 වල theme එකක් වෙනස් කරන්නෙ කියලා.

මගේ theme එක

ක්‍රම දෙකක් තියෙනවා.

  1. අපි එකක් settings වෙනස් කර්ලා ඕන theme එකක් හදා ගන්න එක.

2. කවුරු හරි හදපු theme එකක් බාගෙන install කරන එක.

මම කියන්න යන්නෙ දෙවන ක්‍රමය ගැන. පහළ link එකෙන් මම පාවිච්චි කරන theme එක බාගන්න පුළුවන්. (තව themes ඕන තරම් online තියෙනවා, google එකෙ “visual studio themes” කියලා search එකක් දාලා බලන්න.

හරි බාගත්‍තට පස්සෙ install කරන්නෙ මෙහෙමයි, Main Menu එකෙ Tools > Import and Export Settings (ඊට පස්සෙ එන dialog box එකෙ එන instruction විදිහට කරගෙන ගියාම හරි.)

Tools

මෙන්න link එක

ටටා!!!

මේ පෝස්ට් එකට කැමති නම අනෙක් අයටත් කියන්න:

WordPress Themes