අළුත්ම අළුත් “View Engine” එකක් දිහා මේ පාර බලමු, ඊලඟ Versions වල ඒ කිව්වේ ASP.net MVC 3.0 එක්ක එන හෝ WEB Matrix ASP.NET Web Pages වලට තියෙන “View Engine” එකක්. තව විස්තර ගොඩක් තියෙනවා බලමු මොනවද කරන්න පුළුවන් කියලා. එන්න පුළුවන් කට්ටිය, එන්න !!! … වෙලාව තැන ගැන පහළ විස්තරේ තියෙනවා..
දිනය: නොවැම්බර් 4, 2010 (බ්‍රහස්පතින්දා)
වෙලාව: හවස 6.00 සිට
තැන: Auditorium, 3rd Floor, DHPL Building, Colombo 02
ගාන: නිකං, සත පහක් වත් ගන්නේ නැහැ ..
කරන්නෙ කවුද: මේ මමනේ..
එහෙනං ඕං ඈ !!!
මේ පෝස්ට් එකට කැමති නම අනෙක් අයටත් කියන්න:
මොකද්ද මේ Orchard කියන්නෙ ?
නොමිලේම ලබාගන්න පුළුවන් අන්තර්ගත පාලකයක්,
සිංහලෙන් කියනවා නම CMS එකක්. මෙතෙක් කල් හොය හොය හිටියනම්, අනේ අපිට ASP.net (MVC Framework) වලට නොමිලේම ලබාගන්න පුළුවන් CMS එකක් තිබ්බානම කියලා… ඔන්න දැන් බඩු තියෙනවා. වැඩේ කියන්නේ Microsoft ආයතනයේ ඇතුලේ කට්ටියක් තමයි මේක develop කරන්නෙ.. ඉතින් දැනට තියන version එක 0.5.
ඉතින් ඕකට ඔච්චර උඩපනින්නේ ඇයි ?
මේකයි හේතුව, ගේමක් නැතුව Web Platform Installer එකෙන් Install කරගන්න පුළුවන්, ඊට වැඩිය මම ඒ අය එක්ක සෙට් වෙලා පොඩි වැඩක් කලා. මොකක් කියලද හිතන්නෙ? Orchard කෙලින්ම සිංහලෙන්ම ලබාගන්න පුළුවන්. දැනට තියෙන්නෙ French, Chineese සහ English විතරයි. ඉතින් මම හතරවෙනි එක විදිහිට Orchard “Core” එක සිංහලෙට හැරෙව්වා.. කෙලින්ම සිංහලෙන්ම වැඩ කරන්න පුළුවන්.
මෙන්න ලින්ක්ස් ටික බාගන්න ඕන අයට
Main Site : http://www.orchardproject.net/ (මෙතම ෆුල් විස්තරේ තියෙනව කරගන්න ඕන විදිහ, දකුණු පැත්තේ තැඹිලිපාට බොත්තම ඔබන්න)
Sinhala Translations : http://www.orchardproject.net/localize
තව පොඩ්ඩෙන් ඔක්කොම අමතක වෙනවා, මට මේකට දෙන්නෙක්ගෙන සපෝර්ට් එක ලැබුනා (නම් දෙක කිසිම අනුපිළිවලක් නැහැ නොම්බර දැම්මෙ ලේසියට)
- ලාංකිය සිතුවිලි (මගේ සයිට් එකේ තියෙන ලොකු “ල” ට කොටන්න, කෙලින්ම එතන) එකේ බුවා කරලා තියෙන ශබ්දකෝෂය (Dictonary එක මගෙ හිතේ) ලොකු සපෝර්ට් එකක් දුන්නා (http://dictionary.lankeeya.lk/).
- අපේ කාවින්ද කොටුවේ ගෙදරෙගෙ සිංහල ඉංග්‍රීසි වචන තියෙන Excel file එක (මෙන්න මෑන්ස්ගෙ ලින්ක් එක – http://www.kotuwegedara.com/ ).
එහෙනම් කාවහරි අමතක වුණා නම සමාවෙන්න (අනික සමාව ගන්න දෙයකුත් නැහැ උන් දෙන්න විතරයි සපෝර්ට් කලේ
)
අපි බැස්සා .. ටටා !!!
මේ පෝස්ට් එකට කැමති නම අනෙක් අයටත් කියන්න:

මොකද්ද මේ ?
මෙන්න අළුත්ම වැඩ කාරයා. වෙබ් සයිට් එකක් හදන්න අවශ්‍ය හැම දේම මෙතන තියෙනවා. පුංචියි, සරළයි. වින්ඩෝස් ඇතුලේ ඉඳන වෙබ් සයිට් එක්ක හදන්න හැමදේම එක්ක එන්නේ. වෙබ් සර්වෙර් එකක් (IIS Express), ඩේටා බේස් එකක් (SQL Server Compact) සහා ASP.net. ඕනනම මුල ඉඳන්ම වෙබ් සයිට් එකක් ලියන්න පුළුවන් නැත්නම්, Pre-Built (Opensoruce) එකකින් පටන් ගන්න පුළුවන්.
ඇයි මොකටද?
production server එකේ දැනටමත් පාවිච්චි කරන web framework එක database engine එක කිසිම අවුලක් නැතුව ඒ හා සමානව පාවිචිචි කිරීමෙ හැකියාව. development එකේ ඉඳන් production එකට බටන් දෙක තුනක click එකෙන් මාරු වීමේ හැකියාව නිසා.
කාටද මේ ?
දැනටමත් ඩිවලොප් කරන අයට, ඉගෙන ගන්න අයට. කොටින්ම කියනවා නම් වෙබ් ස්වර් එක , ඩේටාබේස් ස්වර් එක configure කරන්න මහන්සි වෙන්න ඕනෙ නැති අයට. මුල ඉඳන්ම හොස්ට් එකට ඩිප්ලොයි කරනකම් කිසිම අවුලක් නැතිව වැඩ කරගන්න ඕන කට්ටියට.
බල බල ඉන්න එපා දැන්ම ට්‍රයි එකක් දෙන්න. හා අමතක වුණා කියන්න, Classic ASP තාම පාවිච්චි කරන අයට නියමයි. මෙන්න ලින්ක් එක http://www.microsoft.com/web/webmatrix/
දැනට නවතින්නම්, මම මේ ගැන සම්පූර්ණ හැඳින්වීමක් ලබන සතියේ විතර දාන්නම් !!!
මේ පෝස්ට් එකට කැමති නම අනෙක් අයටත් කියන්න: