අද අපි බලන්න යන්නෙ basic action එකක් හදන්නේ කොහමද, එකෙන් view එකක් හදාගන්නෙ කොහොමද කියලා. මේ video එකෙන් එකට හොඳ පටන් ගැන්මක් … තල්ලුවක් ලැබෙයි
. බාගෙන බලන්න, සහ නිකන් ඉන්න එපා .. ඔයගොල්ලංගෙ අදහස් ලියන්න.

මෙන්න මේ link එක click කරල video එක බාගන්න පුළුවන්.
එහෙනං ඕං ඈ (Cheers)
මේ පෝස්ට් එකට කැමති නම අනෙක් අයටත් කියන්න:
හරි, මේ මාගෙ පළමුවෙනි training video එක. ASP.net MVC එකට හොඳ සරළ පටන්ගැන්මක්.

අයෙත් වෙලාවක් සෙට් උන ගමන් මම තව tutorial එකක දාන්නම්.
ජයවේවා!!!
මේ පෝස්ට් එකට කැමති නම අනෙක් අයටත් කියන්න:
හරි, මම පොඩි code එකක් ලියන්න සෙට් වුණ වෙලාවක පොඩි ප්‍රශ්නයක් අවා. ඒ කියන්නෙ මම වැඩ කළේ Linq-To-Sql එක්ක, ප්‍රශ්නෙ වුණේ.. කොහොමද මම database එකට මොකක් හරි object (අපි හිතමු student data කියලා) එකක් insert කළාම, ඒ එකතු කරපු row එකේ id එක ගන්නේ කොහොමද කියලා?
බැලුවම එක එච්චර ගේමක් නැහැ…
අපි හිතමු අපේ database එකේ student කියලා table එකක් තියෙනවා කියල, එතකොට Linq-To-Sql වලින් data context එක හදන කොට Visual Studio නිකන්ම Student කියල class එකක් හදනවා. ඒ Student class එකේ property එකක් හැදෙනාව ආපේ table එකේ තියෙන auto increment field එකට (උදා: StudentID), ඊට පස්සේ database එකට ලිව්වට පස්සෙ අපිට අර property එක access කළාම අන්තිමට දාපු row එකේ id එක ගන්න පුළුවන්.
මෙන්න code එක.
_db.Students.InsertOnSubmit(studentClass); //අළුත් student record එක database එකට දාන්න.
_db.SubmitChanges(); //දැන් changes submit කරන්න.
int intLastID = sudentClass.StudentID; //ලේසියෙන්ම අන්තිමට එකතු කළ student ID එක
පස්සේ අයේ සෙට් වෙමු!!!
මේ පෝස්ට් එකට කැමති නම අනෙක් අයටත් කියන්න:
මොඩල්, වීව්, කොන්ට්‍රොල් (MVC) යන පැටර්න් එකෙන් ASP.net වෙබ් ඇප්ලිකේෂන් එකක් ප්‍රධාන කොට්ස් තුනකට කඩනවා. ඒ මොඩල් එක , වීව් එක සහ කොන්ට්‍රොල් එක වශයෙන්. මේ MVC ෆ්‍රේම්වර්ක් එක අපි සමාන්‍යන් පාවිච්චි කරන ASP.net වෙබ් ෆෝම්ස් වෙනුවට හෝ ඒ සමග පවිව්වි කරන්න පුළුවන් වීම විශේෂත්වයක්.ඒ වගේම මෙය සැහැල්ලු , ඉතාමත් හොදින් ටෙස්ට් කල හැකි, දැනට ASP.net වෙබ් ෆෝම්ස් වල ඇති පහසුකම් (මෙම්බර්ෂිප්, රොල්ස්, මාස්ටර් පේජස්) හෝ ඒ සමග පවිව්වි කළ හැකි ෆ්‍රේම්වර්ක් එකකි. මෙම ෆ්‍රේම්වර්ක් එක System.Web.MVC නේම් ස්පේස් එක තුල අන්තර්ගත කර ඇත.
ASP.net MVC ෆ්‍රේම්වර්ක් එකේ ප්‍රධාන කෑලි තුනකි.

මොඩල්
මෙම් කොටස ASP.net MVC වල හදවත වගේ. හරියටම කිව්වොත් මුළු ඇප්ලිකේෂන් එකම ලොජික් එක තියෙන්නෙ මෙතන. උදාහරණයක් විදියට ප්‍රොඩක්ට් ඔබ්ජෙක්ට් එක ඩේටා බේස් එකෙන් ඩේටා අරගෙන කරන වෙනස්කම් ටික ආපහු ඩේටා බේස් එකට සේව් කරන එක ගන්න පුළුවන්. එතකොට ප්‍රොඩක්ට් ඔබ්ජෙක්ට් එක තමා මොඩල් එක.
වීව්
මෙම කොටසෙන් මොඩල් එකෙන් අරන් දෙන ඩේටා ඩිස්ප්ලේ කරන්නෙ. හරියට කිව්වොත් අර කලින් උදාහරණයේ ප්‍රොඩක්ට් ඔබ්ජෙක්ට් එක ඩේටා බේස් එකෙන් ගන්න ඩේටා ටික ෆොමැට් කරලා ඩිස්ප්ලේ කරන පේජ් එක ගන්න පුළුවන්.
කොන්ට්‍රොල්
මෙයා තමා අපෙ වෙබ් පේජ් එක පාවිච්චි කරන කෙනාගෙ රික්වෙස්ට් අනුව මොඩ්ල් එකට කෝල් කරලා අවශ්‍ය වීව් එක රෙන්ඩ කරල දෙන්නෙ. උඩ උදාහරණයට අනුව අපේ යුසර්, ප්‍රොඩක්ට් ඩීටෙල් ලින්ක් එක ක්ලික් කරාම , මොඩල් එකට කෝල් කර්ල අවශ්‍ය ඩේටා අරගෙන අදාළ පේජ් එක ඩිස්ප්ලේ කරන එක කරන්නෙ මේ කොන්ට්‍රොල් එකෙන්.
දැන් මම හිතන්නෙ කට්ටියට ASP.net MVC ෆ්‍රේම්වර්ක් එකේ මුල හරි. දැනට මම නවතිනව ..
එහෙනං ඕං ඈ (Cheers)
මේ පෝස්ට් එකට කැමති නම අනෙක් අයටත් කියන්න: