අන්තිමට එකතු කළ row එකේ ID එක ගන්නෙ කොහොමද? (හැබැයි Linq-To-Sql classes වලින්)
හරි, මම පොඩි code එකක් ලියන්න සෙට් වුණ වෙලාවක පොඩි ප්‍රශ්නයක් අවා. ඒ කියන්නෙ මම වැඩ කළේ Linq-To-Sql එක්ක, ප්‍රශ්නෙ වුණේ.. කොහොමද මම database එකට මොකක් හරි object (අපි හිතමු student data කියලා) එකක් insert කළාම, ඒ එකතු කරපු row එකේ id එක ගන්නේ කොහොමද කියලා?
බැලුවම එක එච්චර ගේමක් නැහැ…
අපි හිතමු අපේ database එකේ student කියලා table එකක් තියෙනවා කියල, එතකොට Linq-To-Sql වලින් data context එක හදන කොට Visual Studio නිකන්ම Student කියල class එකක් හදනවා. ඒ Student class එකේ property එකක් හැදෙනාව ආපේ table එකේ තියෙන auto increment field එකට (උදා: StudentID), ඊට පස්සේ database එකට ලිව්වට පස්සෙ අපිට අර property එක access කළාම අන්තිමට දාපු row එකේ id එක ගන්න පුළුවන්.
මෙන්න code එක.
_db.Students.InsertOnSubmit(studentClass); //අළුත් student record එක database එකට දාන්න. _db.SubmitChanges(); //දැන් changes submit කරන්න. int intLastID = sudentClass.StudentID; //ලේසියෙන්ම අන්තිමට එකතු කළ student ID එක
පස්සේ අයේ සෙට් වෙමු!!!



